ශ්‍රී ලංකාවේ ආප්තෝපදේශ  කථා    

  • 1. අනුන්ට කැපු වළේ තමන්ම වැටෙයි
    බොහෝවිට පිටිසර සිංහල ගැමියන් ඌරන් වැනි සතුන් ඇල්ලීම සඳහා බොරුවලවල් කපයි. මෙහි දී කරන්නේ වලක් කපා ඊට ලී කෑලි උඩට දමා වලනොපෙනෙන සේ වසා දැමීමයි. මේ කිසිවක් නොදත් සත්තු ඒ මතින් ඇවිද යාම නිසා එම වලට වැටේ. එ වැනි වලකට තමන්ම ඇදගෙන වැටීම මෙහිදී විස්තර කරයි. එ නම් අනුන් අමාරුවේ දැමීමට ඇට වූ උගුලකට තමන් අසුවූ විට මෙසේ ප්‍රකාශ කෙරේ.

     

    2. ඉහිරුණු කිරට අඬන්න එපා
    කිරි බිමට වැටුනොත් එය ඉසිරී යන බව කවුරුත් දන්නා කරුණකි. එය නැවැත එකතු කරගත නොහැකිය. ඒ නිසා ඊට ඇඬීමෙන් පලක් නැතිබව කව්රුත් දනී. සිදුවුනු වැරැද්දකට දුක්වීමෙන් එය නැවැත සකසා ගත නොහැකි අවස්ථාවක මෙම කියමන ගැමියන් අතර භාවිතා වෙයි.

     

    3. ඉස්සෙල්ලා ආපු කණට වඩා පස්සේ ආපු අඟ ලොකුවෙලා
    හරකුන්ට මුලින් එන්නේ කණය. ඒ ඉපදෙනකොටමය. එහෙත් අඟ එන්නේ පසුවය ය. මුලින් ආපු කණ අමතක කොට පසුව ආපු අඟ ගැන වැඩිපුර සලකන්නේ නම් එය සුදසු නොවන බව මෙහි දී ප්‍රකාශ වෙයි. මුලදී සිටිය යහළුවන් අමතක කොට පසුව එකතු වු යාළුවන්ට වැඩියෙන් සැලකීමේ දී මෙය කියනු ලැබේ.

     

    4. මැණික් ගලේ පය හැපුනට කනා අහුලලා ගනීද
    මැණික් පොළොවෙන් ලැබෙන දෙයකි. ඇස් අන්ඳ මිණිසා එම ගලේ හැපුනත් එය මැණිකක් ලෙස ඔහු නොදනී. ඒ නිසා ඔහු එය අහුලලා නොගනී. වටිනා කමක් නොදන්නා කෙනාට එහි අගයක් නොවැටෙහෙන විටදී මෙය ප්‍රකාශ කෙරේ.

     

    5. වත්ත බද්දට දී ඇස්සට දත නියවනවා
    තමාගේ පොල්වත්ත බදු දී කුරුම්බා ගෙඩියක් ඇස්සෙන් හිල්රගෙන වතුර උරාබීමක් මෙහි දී කියනවා. මෙයින් ප්‍රකාශ කරන්නේ තමාට තිබුන වටිනා දෙයක් වෙන අයෙකුට විකුණා දැන් දුක්වෙන බවයි.

     

    6.ගහ දන්නා අයට කොළ කඩා පෑම
    මෙහි දී කියන්නේ ගසක් ගැන හොඳට දන්නා අයෙකුට ඒ ගස ගැන විස්තර කිරීමට එම ගසේ කොළ කඩා ගෙන හැර පාමින් දැක්වීමයි. ගසක් ගැන හොදින් දන්නා අයෙකුට ඒ ගස ගැන මෙසේ විස්තර කිරීම නිස්ඵල ක්‍රියාවකි. යම් කිසි දෙය් ගැන හොදින් දන්නා අයෙකුට ඒ ගැන විස්තර කිරීම ඵලක් නැති දෙයක් බව මින් ප්‍රකාශ කරයි.

     

    7. ගොරවන තරමට වහින්නේ නැහැ
    වැස්සකට පෙර අහස තදින් ගෙරවීම සාමාන්යේ දෙයකි. විදුලි කොටා තදින් ගෙරවුවත් පිනි පොදක් වැටීමෙන් පමණක් ඒ වැස්ස නතර වෙයි. ඒ කියන්නේ ගොරවන තරමට නොවසින බවයි. කොතරම් ක්‍රියාකාරී වුවත් ඒ තරමට ප්‍රතිඵලයක් නැතිවිට මෙසේ කියයි.