ශ්‍රී ලංකාවේ ගොවිකම හා බැඳුණු උපමා කථා
-
හාවා සහ ඉබ්බාගේ කථාව
එක කැළයක හාවෙක් සහ ඉබ්බෙක් මිතුදමින් වාසය කළේය. දිනක් හාවා උගේ දිවීමේ දක්ෂතාවය ඉබ්බාට පෙන්විය යුතුයයි සිතා දිවීමේ තරඟයක් පවත්වමුයයි යොජනා කළේය. ඉබ්බා ඊට එකඟ වුයේ ඔහුගේ මිත්ර්කම නිසාමය.තරඟය පැවැත්වීමට දිනයක්, වේලාවක් සහ තැනක් ගැන එකඟතාවයකට පැමිණි මේ දෙදෙනා ඊට සූදානම් වූයේය. ඒ අනුව යෝජනා කරගත් පරිදි මේ දෙදෙනා තරඟය ආරම්භ කරන්නට යෙදුනේය. යෝජිත දිනුම් කණුව වෙත දෙදෙනාම යන අතරේ හාවා ටිකක් දුරගොස් ආපසු හැරී බැළුවේ ගාටගාට එන ඉබ්බා දෙසය. ඉබ්බා තවමත් දුර නිසා හාවා ටිකක් සැතපී ගිමන් හැරීමට කල්පනා කළේය. එහිදී හාවාට හොදටම නින්ද ගියේයග මේ දුටු ඉබ්බා උගේ සුපුරුදු ගමනින්ම දිනුම් කණුව වෙත ගියේය. හාවා අවදි වී බලන විට ඉබ්බා දිනුම් කණුව වෙත ගොස් සිටි නිසා ඉබ්බා තරඟයෙන් ජය ලැබුවේය
කපුටා සහ කේජු කෑල්ල
දිනක් නරියෙක් බඩගිනි වී කෑම සොයා යන විට අත්තක් මත හිඳ ගෙන කපුටෙක් කේජු කෑල්ලක් කමින් සිටිණු දුටුවේය. මෙම කේජු කෑල්ල කෑමට උපායක් කල්පනා කල හිවලා කපුටා ගැන ඉතාමත් ඉහලින් වර්ණනා කළේය. “මගේ මිත්‍රයා ඉතාමත් ලස්සනයි. දැකුම් කළුයි. මේ තරම් ප්‍රියමනාප පක්ෂියෙක් මේ කැළයේම නැහැ. ඔයාට කොච්චර ලක්ෂණ කටහඬක් ඇද්ද? අහන්නක් හරි ආසයි.” මේ ගැන හරිම ආඩම්බරයක් දැනුනු කපුටා කට ඇරියේ තමාගේ කටහඬ අවදිකොට පෙන්වීම සදහා ය. එ විටම කටේ තිබූ කේජු කෑල්ල බිමට පතිත වූ නිසා ඒය අසුලා ගත් හිවලා එය සතුටින් භුක්තිවින්දේය.
කටනිසා සිදු වූ විනාශය
එක කාලයක විලක හංසයෝ දෙදෙනෙක් සහ ඉබ්බෙකු මිතුරන්සේ වාසය කළෝය. එ් අතර තුරේ එක කාලයක දැඩි නියඟයකින් මේ විලේ වතුර හිදී යන්නට පටන් ගත්තේය. මේ නිසාම විලේ ජිවතවන සතුන්ට ආහාර හිඟයකට මුහුණ දෙන්නට සිදුවුණි. හංසයෝ දෙදෙනාට ඉගිලී යන්නට හැකි නිසා වෙනත් පෙදෙසක විලක් සොයා ගන්නට හැකි වී ඇත. එහෙත් ඔවුන්ගේ මිතුරා වන ඉබ්බා ද රැගෙන යායුතුයයි කල්පනා කලමොවුන්ට ඊට සුදුසු උපායක් කල්පනා විය. එහි දී ඔවුන් ඉබ්බාට කථා කොට මෙසේ ප්‍රකාශ කළෝය. “යාළුවේ අපි කෝටු කෑල්ලක් සොයාගෙන ඒ දෙපැත්තෙන් අල්ලා ගන්නම්. ඔබ ඒ කෝට්ටේ මැදින් කටින් අල්ලාගෙන එල්ලෙන්න. එතකොට අපි ඔබව ඒ විලට අහසින් ගෙන යන්නම්. හැබැයි කිසිම දේකට කට අරින්න එපා. කට ඇරියොත් ඔබ බිමට වැටී විනාශ වේවි.” ඉබ්බාද මීට ඉතාමත්ම කැමැති වුයේ වෙන කලයුතු දෙයක් නොවු නිසාය. මේ සදහා සින වකවානු කතිකාකරගත් මේ තුන්දෙනා ගමනට අවශ්‍ය කටයුතු සංවිධානය කොටගෙන කථිකාකරගත් පරිදි ගමන ආරම්භ කෙරිණි. දැන් හංසයෝ දෙදෙන කෝටු කැබැල්ලේ දෙකෙළවරින් අල්ලාගත් අතර ඉබ්බා ඒ කෝටු කැබැල්ලේ මැද කටින් තදින් අල්ලා ගත්තේය. දැන් තිදෙනාම අහසින් යයි. මේ අතර පිට්ටෙනියක සෙල්ලම් කරමින් සිටි කොල්ලෝ රැළක් මෙය දැක මෙසේ කෑගසන්නට වූහ. “හූ....හූ .... අන්න ඉබ්බෙක් අහසින් යනවෝ .........”. මේ ශබ්දය ඉබ්බාට ඇසුණි. ඉබ්බාට සිතුනේ කොල්ලේ කණ්ඩායමක් ඔවුන්ට සරදම් කරන ලෙසය. ඉබ්බාට හොදටම කේන්ති ගියේය. මොවුන්ට හොඳ පාඩමක් උගන්නන්න ඔිනෑයැයි සිතූ ඉබ්බාට යහළුවන් දුන් උපදෙස් ද අමතක වී තිබුණි. ඉබ්බා එක පාරටම කටඇරියේ ඔවුන්ට උසුළු විසුළු කළ කොල්ලන්ට බැණීමටය. ඒත් එක්කම ඉබ්බා බිමට වැටී විනාශ වුයේය.
නරියා සහ මිදිවැල