ගොවිකම සහ බැදුනු ජනප්‍රිය කවිකථා
-
අන්දරේ රා බි පු හැටි
දිනක් අන්දරේ නම් විහිළු කරු ගමේ ඇවිද යනවිට එක මිනිසෙක් කිතුල් ගසකට නැඟ කිතුල් මළක් පිරිමදිමින් සිටියේය. මල් මදින්නා දවසේ තුන්වරුවක් ම මල කපා තෙලිජ්ජ එකතු කොට එය පැසීමට තබා රා කරගනී. මල් මදින්නා කිතුල් ගස මුදුනේ සිටිනු දුටු අන්දරේට රා බීමේ අදහසක් පහලවිය. අන්දරේ කිතුල් ගස මුලට ගොස් මල් මදින්නාගෙන් රා ටිකක් ඉල්ලුවත් මල් මදින්නා එය ප්රීතික්ෂේප කළේය. එය ඇසු අන්දරේ උත්තර දුන්නේ වස් කවියකිනි. එය මෙසේය;
තියෙන තියෙන අඩි ලිස්සා වැටියන්
බදින බදින වරපටවල් කැඩීයන්
කපන කොටන මන්නේ ලේ තැවරීයන්
මට රා නොදුන් තෝ ගහමුල වැටීයන්තැනට සුදුසු නුවණ
දිනක් හිවලෙක් කෑම සොයාගෙන යන විට දැක්කා කකුළුවෙක් මල් පිරුන මුරුත ගසක් යටට වී ඉන්න හැටි. එවිටම හිවලාට මූ ගිල දැමීමේ අසාවක් පහල වුනා. ඊට කපටි හිවලා, කකුළුවා රැවටීමේ අටියෙන් මෙහෙම වර්ණනාවක් කවි පදයකින් ප්‍රකාශ කළා.
“ඉදිකටු පැංචෙක් මුරුත ගසක් යට සුරමල් අහුලන්නා”
මේක රැවටීමක් ලෙස තේරුම් ගත් කකුළුවාට හොද නුවණක් පහලවුනා උගෙන් බේරිමට. ඒ අනුව හිවලා කියු කවිපදයට ගැලපෙන අයුරින් පහත කවි පදයක් ප්‍රකාශ කළා.
“තට පිටිපස්සෙන් වැද්දෙක් සිටගෙන දුන්නක් අටවන්නා”
එතකොටම හිවලා භය වී පිටිපස්ස බැලුවා. ඒ සමගම කකුළුවා ලග තිබූ ගුලට රිංගා බේරුණා.
හතර බීරි කථාව
එක කාලයක ගමක තරුණයෙක් සිටියා. ඔහුට දොම්පෙට යන්න පාර අසා දැනගන්න අවශ්‍ය වුනා. වටපිට බලනවිට මුලින්ම දැක්කේ බතල පාත්තියක වැඩකරන අයෙක්. ඔහුගෙන් මෙසේ ඇසුවා දොම්පෙට යන පාර කොහෙද කියලා.
දොම්පෙට යන පාර කොයිබදෝ
මාමේ මට කියා දෙනවදෝඒ ගොවි මහතා බිහිරි කෙනෙක්. ඒ නිසා ඔහු හිතුවේ බතල ඉල්ලනවා කියලයි. ඔහු ඊට පිලිතුරු දුන්නේ මෙසේයි.
බතල හොදට එරිල තියෙනවා
හාරනකම් ටිකක් ඉන්නවා.මේ ක ඇසුවාම ඒ තරුණයාට තරහගොස් මෙහෙම කිව්වා.
උඹේ ඉලව් බතල මට එපා
දොම්පෙට යන පාර කියාපන්මේ මොහොතේ තරුණයා දකිණවා ගෑණු කෙනෙක් පැදුරක් වියමින් සිටිනවා. ඒ මේ ගොවිමහතාගේ බිරියයි. ඈ ලගට ගොසින් ඔහු මෙහෙම අහනවා.
දොම්පෙට යන පාර කොයිබදෝ
නැන්දේ මට කියා දෙන්නකෝමෙහිදී මේ ගෑණු කෙනාගෙත් කන් ඇසෙන්නේ නැහැ. ඒ නිසා ඈ හිතන්නේ ඔහු පැදුරු හොයන් ආපු වෙළෙන්දෙක් කියල. ඒ නිසා ඈ උත්තර දෙන්නේ මෙහෙමයි.
පැදුර හොදට වියල තියෙනවා
සායම් ටික දමල ඉවර නෑමේ ක අහපු ගමන් අර තරුණයාට තවටිකක් තරහ ගියා. කේන්තියෙන්ම තරුණයා මෙහෙම කියනවා.
උඹේ ඉලව් පැදුර මට එපා
දොම්පෙට යන පාර කියාපන්මේකත් මහ බීරි හටනක්
උබේ ගෙදර නැද්ද වෙන කෙනෙක්මේ වැඩේ තේරිල ගම රාළ ටිකක් වටපිට බලනවිට ගේ ඇතුලේ ඉන්න දොණිට කථා කරල කියනවා මෙන්න මෙහෙම.
අනේ දුවේ මෙන්න මෙහෙ වරෙන්
මේ මිනිහට පැදුර ගැන කියන්මේ දුවගෙත් කන් ඇහෙනවා අඩුයි. මෙයා හිතන්නේ ඇයට කථා කරන්නේ විවාහ යොජනාවකට කියල. ඇය මෙහෙම කියනවා.
තරුණයෙක් මට එනවාමයයි කියා
කපුට කිව්වේ ඒ තමයි ඔයා
අම්ම අප්ප දෙන්න කැමැතිනම්
කසාදයට බොහොම කැමැති මං